Tuesday, May 14, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝ 40 ක් සමග බණ්ඩාරගමදී සැකකරුවෙකු අත්අඩංගුවට




බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 40 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද උදෑසන සිදුකළ විශේෂ වැටලීමකදීයි.

කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා කළුතර දිසා අපරාධ කොට්ඨාශය මෙම වැටලීම සිදු කළා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400 ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.