Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට එන්නත්කරණයේ නව වාර්තාවක්




මෙරට එන්නත්කරණයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් දිනක් තුළ සිදුකළ වැඩිම එන්නත් ලබාදීම ඊයේ සිදුකර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

දිනක කොරෝනා මර්දන එන්නත් ලබාදීම ලක්ෂ 5 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් පන්ලක්ෂ 15,830 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අතරින් පුද්ගලයින් හාරලක්ෂ 18,494 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද, පුද්ගලයින් 56,738 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ද ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. ෆයිසර් එන්නත 38,430 දෙනෙකුටත්, මොඩර්නා එන්නත පුද්ගලයින් 2,168 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව අනූ එක් ලක්ෂ 78,000 ඉක්මවා ගියා.

 මාත්‍රා 02 ම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව විසිලක්ෂ 63,809 ක්. පළමු මාත්‍රාව ලැබූවන් අතරින් ලක්ෂ 72 කට ආසන්න පිරිසකට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතයි.

දෙවන මාත්‍රාව ලෙස එම එන්නත පුද්ගලයින් ලක්ෂ 16 කට අධික පිරිසකට මේවනවිටත් ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.