Friday, May 17, 2024

General line - 0115112241

මෛත්‍රී ගෙන් දයාසිරිට අවවාදයක් 

 ලලිත් චාමින්ද




ව්‍යයාම සදහා බයිසිකල් පදිනවානම් ආරක්ෂාව ඇති පිට්ටනියක වැනි ස්ථානයක එම කටයුත්ත කරගෙන යන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරට අවවාදයක් දෙමින් පවසා තිබෙනවා.

"දයාසිරි මම ඔයාට අවවාදයක් හැටියට තමයි මේ කථාව කියන්නේ. ඔයා උදෑසන තනියෙන් බයිසිකල් පදිනවා. එක අවදානම් වැඩක්. බයිසිකල් පදිනවානම්  ආරක්ෂාව තියෙන පිට්ටනියක වගේ තැනක බයිසිකල් පදින්න" යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත. 

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවෙන් පසු හිටපු ජනාධිපතිවරයා ඇතුළු  ආරාධිත අමුත්තන් වෙනුවෙන් දිවා ආහාරය ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක සුදානම් කොට තිබුණා. එම අවස්ථාවේ දි හිටපු ජනාධිපතිවරයා  දයාසිරි ජයසේකර රාජ්‍යය ඇමතිවරයාට මේ බව ප්‍රකාශ කොට ඇත.

දිවා ආහාරය සදහා හිටපු ජනාධිපතිවරයා සමග දයාසිරි,ෂාන් විජය ලාල්, මහින්ද අමරවිර,තිසර ගුණසිංහ හා ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු මේ සදහා  එක්ව සිටියා. 

1993 වර්ෂයේ දකුණු පළාතෙන්තමයි 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරලන්න පළමු වෙඩිමුරය පත්තු කළේ. වසර 27කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිම අපි දකුණු පළාතෙන් ආරම්භ කළා.  අක්මිමන සංවිධායක තිසර ගුණසිංහ මෙහිදි ප්‍රකාශ කර ඇත.

" ඕව්. ඔව් ඒ කථාව ඇත්ත ෂාන්ලා ඔයාලා එකතුවෙලා මේ වැඩේ හරියට කරගෙන යනවා. අපිව කවුරුදමා ගියත් අපිට පාඩුවක් නැහැ" යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.