Wednesday, May 15, 2024

General line - 0115112241

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් අවදානම ඉහළ




දිනෙන් දින ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේවනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. ඊයේ සහ පෙරේදා දින 02 තුළ පමණක් කොළඹ ජාතික රෝහල තුලදී හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 400 කට ආසන්න බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

හදිසි අනතුරුවලට ලක්වී ජාතික රෝහලට රැගෙන එන පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම මෙම තත්ත්වයට තවත් හේතුවක්.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 03 වන රැල්ලේ බලපෑමෙන් කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 250 කට ආසන්න පිරිසකට මේවනවිටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් වැඩි පිරිසක් හෙද නිලධාරීන්. 

කොළඹ ජාතික රෝහලේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස කරුණු පැහැදිළි කළා. 

මේ අතර දින 36 කට පසු ඊයේ පළමුවරට දෛනික කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනය තුළ පමණක් තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 66 ක් වනවා.