Tuesday, May 14, 2024

General line - 0115112241

බදුර්දීන්ගේ නිවසේදී ගිනි ඇවිලී මියගිය ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණය හෙට

රංජිත් රාජපක්ෂ




හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ මිහිදන් කර තිබූ දේහය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි. ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි.  

දැරියගේ දේහය දැඩි පොලිස් රැකවල් මැද යළි ගොඩ ගැනීම අද දහවල් සිදු කෙරුණේ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය හා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේයි. ඒ, මියයන විට 16 හැවිරිදි වියේ පසුවූ මෙම දැරියගේ දේහය මිහිදන් කර තිබූ හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූමියේදීයි. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ ද විවිධ පාර්ශව අදහස් පළ කළා. මේ, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්. 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

මේ අතර මෙම වසරේ මුල් මාස 06 තුළ විවිධ ළමා හිංසනයන් පිළිබඳ පැමිණිලි 4,700 ක් පමණ ජාතික ළමා රක්ෂක අධිකාරියට ලැබී ඇති බවයි අද ප්‍රකාශ වුණේ.