Tuesday, May 14, 2024

General line - 0115112241

ප්‍රවීන රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි 

රංජිත් රාජපක්ෂ 




ඊයේ (30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය - තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවුවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.