Tuesday, May 14, 2024

General line - 0115112241

කිරිපිටි මිල අඩුවන බවට ඉගියක්




කිරිපිටිවල මිළ ගණන් ඉදිරියේදී අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. වර්ථමානයේ කිරිපිටිවල මිළ ගණන් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ.

රටේ ආර්ථික තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී නෙත් නිවුස් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලේකම් එස් ආර් ආටිගල මෙම අදහස් පළ කළා. එහිදී ගෑස්  මිල සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබදවද ලේකම්වරයා කරුණු දැක්වූවා.

මේ අතර ඉකුත් ජුනි මාසය වනවිට එන්නත්කරණය හැර කොරෝනා ආශ්‍රීත සෙසු වියදම් සදහා රුපියල් බිලියන 53 ක් වැය කර ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. එමෙන්ම එන්නත් මිලදී ගැනීම සදහා මේ දක්වා වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 110 ක් බවද එහිදී අනාවරණ වුණා.