Tuesday, May 14, 2024

General line - 0115112241

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 2150ක් වාර්තා වෙයි




මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,150 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඉකුත් 29වනදා සිදුවූ කොරෝනා මරණ 61ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ ඒවා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 4,441ක්. ආසාදිතයින් තුන් ලක්ෂ 8,012 දෙනෙකු මෙරටින් වාර්තා වුවද ඉන් ආසාදිතයින් දෙලක්ෂ 77,118 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 27,314 දෙනෙකු පමණයි.