Wednesday, May 15, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක් හෙළි වෙයි (VIDEO)




මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදු වු ඉන්ධන ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා. එම ඉදිකිරීම සඳහා විවිධ ද්‍රව්‍ය රැගෙන යන ටිපර් රථවලින් ඉන්ධන සොරකම් කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වේයන්ගොඩ වඳුරව දුම්රියපොල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

කලක් තිස්සේ මෙම ඉන්ධන සොරකම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැලවත්ත, වේයන්ගොඩ, කඩවත, බණ්ඩාරගම, දෙහිඅත්තකණ්ඩිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුන් පිරිසක්. ඔවුන් සතුව තිබී ඉන්ධන පිරවූ ටැංකියක් සහ බට පද්ධතියක් සහිත ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව ඔවුන් සතුව තිබු ජංගම දුරකථන 08ක් සහ රුපියල් 42,000ක මුදලක්ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝග සහ උපදෙස් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.