Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා යළි ඇරඹෙයි

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා යළිත් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින පැමිණියා. ඒ වසර 06කට පසුවයි.

ඉකුත් 2015 වසරේ සිට අක්‍රිය වී තිබූ ගුවන් ගමන් සේවාව යළිත් මෙලෙස ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලක් වනු ඇති. මොස්කව් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් - 534 දරන ගුවන් යානය අද පෙරවරු 06.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඒ විදේශ සංචාරකයින් 51 දෙනෙකු  සමගයි. රැගෙන ආ එම පිරිස අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපතවරයාද ඒ අතරට අයත්.

මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ. 330 - 300  එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා. සෑම සතියකම සිකුරාදා රාත්‍රී 10.20 ට  රුසියාවේ මොස්කව් බලා පිටත්ව යන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය, පසුව ඉරිදා උදෑසන 06.10 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.