Monday, May 20, 2024

General line - 0115112241

කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි 

ලලිත් චාමින්ද - ගාල්ල




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් අද (04) දිනය තුල කොවිඩ් ආසාදිත රෝගින් 46 දෙනෙකු වාර්තාවි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වැඩබලන ෂෙල්ටන් පෙරේරා පවසනවා.

අද (04) පස්වරුව වන විට කරාපිටිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගින් 163 දෙනෙකු  ප්‍රතිකාර ලබන බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ. 

කොරෝනා ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු හා හෙදියන් තිදෙනෙකු සිටින බවයි ඔහු පැවසුවේ. 

මේ අතර කරාපිටිය 06 වාට්ටුවෙන් පමණක් කොරෝනා ආසාදිත රෝගින් 24 දෙනෙකු වාර්තා වි ඇති බව පවසන රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා අද දිනය තුල සිටි කොවිඩ් ආසාදිත රෝගින් 29 දෙනෙකු අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කොට ඇති බවයි පැවසුවේ.

මේ වනවිට රෝහලේ සෑම වාට්ටුවකින්ම වාගේ කොරෝනා ආසාදිත රෝගින්  එක් අයෙකු දෙදෙනෙකු වාර්තා වෙමින් තිබෙන බවයි වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ.

කොව්ඩ් රෝගින්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරිම හා රෝහලේ විවිධ ඒකක තුලින් කොරෝනා රෝගින් වාර්තාවිම හා රෝහල් කාර්ය මණ්ඩලය අසාදනය විමේ වර්ධනයක් ඇතිවි තිබෙන බැවින් රෝහල තුල හදිසි  තත්වයක් ප්ර කාශ කොට ඇති බවයි  වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ.