Tuesday, May 21, 2024

General line - 0115112241

රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ




කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් අද දිනයේදී එම රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහලේ විවිධ ඒකක තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම, රෝහල් කාර්යය මණ්ඩලයෙන් ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම සහ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති ඒකකවල ධාරිතාවය ඉක්මවා යමින් පැවතීම වැනි කරුණු සැලකිල්ලට ගෙනයි එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ. රත්නපුර රෝහලේ ද ඊයේ දිනයේ සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ද මෙම මාධ්‍ය හමුවට එක්වුණා. එහිදී ඔහු කියා සිටියේ ඔක්සිජින් හිගයක් හෝ දැඩි සත්කාර ඒකක පහසුකම් නොමැතිවීම හේතුවෙන් රෝගීන් පීඩාවට පත්වීම හෝ මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේවනවිටත් ගෙන ඇති බවයි.