Tuesday, May 21, 2024

General line - 0115112241

ගුරු - විදුහල්පති විරෝධයෙන් කොළඹ උණුසුම් - 42 දෙදෙනෙක් අත්අඩංගුවට




ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද පස්වරුවේ පැවැත්වූ විරෝධතාවකට එක්ව සිටි පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහාමාර්ගය අවහිර කිරීම, නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයින් වීම සහ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම ආදී චෝදනා යටතේ එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

ගුරු - විදුහල්පති සංගම් අද දහවල් ප්‍රදේශ 04 ක සිට විරෝධතා රථ පෙළපාලි වලින් කොළඹ දක්වා පැමිණ එලෙස විරෝධතාවක නිරත වුණේ සිය වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. එහිදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විරෝධතාවට එක්ව සිටි පිරිස ඇමතුවේ මෙලෙසයි.