Monday, May 20, 2024

General line - 0115112241

ගුරු - විදුහල්පති වැටුප් ගැටළුවට ආණ්ඩුව ලබාදෙන විසඳුම කුමක්ද ? විපක්ෂ නායක අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රශ්න කරයි




ගුරු - විදුහල්පති වැටුප් ගැටළුවට ආණ්ඩුව ලබාදෙන විසඳුම කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. එහිදී ඔහු  අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ අදාළ ගැටළුව විසඳිය හැකි කාලවකවානුවක් කිව හැකිද යන්නයි. 

ඊට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ අදාළ ගැටළුවට අයවැය මගින් සාධාරණ විසඳුමක් ලබාදිය හැකි බවයි