Tuesday, May 21, 2024

General line - 0115112241

රිෂාඩ්ගේ ප්‍රකාශයකින් මැති සබයත් උණුසුම්




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, ඒ පිළිබඳ කථානායකවරයාගෙන් විමසීමත් සමගයි.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මෙම සංවාදයට එක්වුණා. 

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද මෙම අවස්ථාවේදී අදහස් පළ කළ අතර එහිදී සභාවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.