Monday, May 20, 2024

General line - 0115112241

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට කෙළ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා රිමාන්ඩ්




ගිරිඋල්ල පුස්කොලදෙණිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කරමින් එම නිලධාරියාට කෙල ප්‍රහාරයක් එල්ල කළ සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ගිරිඋල්ල පොලීසිය මගින් සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරු විසින් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කෙළ ගසා ඇත්තේ කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදියි. සැකකරු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද පොලීසිය පැවසුවා.