Tuesday, May 21, 2024

General line - 0115112241

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් කොළඹ වරායේ සිරවෙයි




අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් පමණ මේ වන විට කොළඹ වරායේ සිර වී තිබෙනවා. අදාල කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ණය සහන බැංකු මගින් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත එම කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රජය මේ වන විට මැදිහත් වී තිබෙනවා. ඒ අනුව එම කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය මූල්‍ය සහන ලබා දෙන ලෙස මහ බැංකුවද සියලු බැංකුවෙත දැනුම් දී තිබෙනවා. 

මේ අතර වෙළදපොලේ පවතින කිරිපිටි හිගයට මෙතෙක් විසදුමක් ලැබී නැහැ. දින ගණනාවක් සිට මෙම කිරිපිටි හිගය පවතින අතර කිරිපිට සමාගම් මිල වැඩිකරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.  කෙසේවෙතත් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ කිරිපිටි මිල ඉහල දැමීම මේ මොහතේ සිදු කළ නොහැකි බවයි.