Tuesday, May 21, 2024

General line - 0115112241

මෙරට පුද්ගලයින් ගෙන් ලක්ෂ 27කට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන්




මෙරට පුද්ගලයින්  27 ලක්ෂයකට අධික සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා මර්දන එන්නතේ දෙවන එන්නත් මාත්‍රාව ලබා දී තිබෙනවා. මේ වන විට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි 08 ලක්ෂයකට අධිකයි.

ඉදිරියේදී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 29,654 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රව 9,570 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 63,461 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 69,736 දෙනෙකු සඳහා ලබා දුන් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 2,962 නෙකු සඳහා ලබා දුන් අතර එහි දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 58ක්. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊායේ දිනයේ පුද්ගලියින් 19,115 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 91,555 දෙනෙකුට එන්නත්කරණය සිදු කළ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය හමුවේ එන්නත්කරණය වැදගත්  කරුණක් බැවින් ලගම එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙසයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් යළි ඉල්ලීමක් කළේ.  

මේ අතර අද දිනයේද ප්‍රදේශ රැසක එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා. මේ දක්වා කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා නොගත් කොළඹ නගරයේ පදිංචි අවුරුදු 30 වැඩි පුද්ගලයින් සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්බ කළ එන්නත්කරණ වැඩසටහන අද දිනයේද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.