Monday, May 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය නීති කඩන බස් රථවලට වැඩ වරදියි

කමල් සුරවීර




ආසන ගණන ඉක්මවා නිරෝධායන රීතින් උල්ලංඝණය කරමින් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක ක්‍රියාත්මක වන්නේ නම් පවතින තත්ත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට සිදුවනු ඇතැයි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මගීන් මෙන්ම බස් රථ රියදුරන් සහ සහයකයින්ද මේ පිළිබඳව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

බස් රථවල ගමන් ගන්නා මගීන් අහඹු ලෙස පොලිසිය විසින් පරික්ෂාවකට ලක් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.