Sunday, May 12, 2024

General line - 0115112241

කොරෝනා නිසා ප්‍රදේශ රැසක කඩ සාප්පු වසා දැමීමේ ක්‍රමවේදය අනුමත කළ නොහැකියි - ආර්ථික විද්වතුන් 




පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රදේශ රැසක කඩ සාප්පු වසා දැමීමේ ක්‍රමවේදය අනුමත කළ නොහැකි බව ආර්ථික විද්වතුන් පවසනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ කිසියම් පාර්ෂවයක් තීරණයක් ගන්නේ නම් එය එම පාර්ෂවයේ සියලු දෙනාට එකසේ බලපාන පරිදි සිදු කිරීම අතිශය වැදගත් බවයි. 

මීට පෙරද රට වසා දැමූ අවස්ථාවේ සියලු කඩ සාප්පු වසා දැමීම හා මේ වන විට කඩ සාප්පු වසා දැමීම අතර පැහැදිලි වෙනසක් සහ ඇතිවිය හැකි බලපෑමේද වෙනසක් ඇති බව ආර්ථික විද්වතුන් පෙන්වා දෙනවා. 

මේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය, මහාචාර්්‍ය ජනත් කුමාරසිංහ.

කඩ වැසීම සම්බන්ධයෙන් රජයේ පාර්ෂවයෙන් තීරණයක් ගන්නේ නම් එසේ කරන්නේ අධ්‍යයනයකින් පසුව බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

එහෙත් මේ වන විට සිදුවන ක්‍රමවේදය පාරිභෝගිකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ටද අයහපත් ලෙස බලපානු ඇති බව මහාචාර්්‍ය ජනත් කුමාරසිංහ පැවසුවා.

ඉකුත් සතියේ සිට නගර රැසක කඩ සාප්පු වසා දමමින් පවතිනවා. 

මේ වන විට නගර රැසක් හුදෙකලා වි ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.