Sunday, May 12, 2024

General line - 0115112241

පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් වීමෙන් පසු සොරකමක් 




පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් වීමෙන් පසු එම අමාත්‍යංශයේ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා පරිගණක උපාංග එහි සේවය කළ සේවිකාවක් විසින් සොරාගනු ලැබීමේ සිද්ධියක් වාර්තා වනවා. 

මෙමෙ සේවිකාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිපිකාරිනියක් ලෙසයි සේවය කර ඇත්තේ. 

කැබිනට් සංශෝධනයෙන් පසු ඉකුත් බදාදා උදෑසන ඇය සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබූ ලේසර් වර්ගයේ කලර් ප්‍රින්ටරයක් සහ ඊට අදාල වර්ණක රැගෙන ගොස් තිබුණා. 

මෙම උපකරණ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේ භාවිත කළ උපකරණ බවයි වාර්තා වන්නේ. 

පසුව මෙම ලිපිකාරිනිය පිළිබඳ සැක සිතූ අමාත්‍යංශයේ ආරක්ෂක අංශ ඇය පරීක්ෂා කර තිබෙනවා. 

එහිදී ඇය පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සංජීව මුණසිංහ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන දැනුවත් කර මෙම උපකරණ ගෙන යන බවයි. 

එහෙත් ඒ පිළිබඳව සැක සිතූ ආරක්ෂක අංශ ඔවුන් අමතා මේ සම්බන්ධයෙන් විමසා තිබෙනවා. 

එහිදී ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිදු අවසරයක් ලබා නොදුන් බවයි. කෙසේ වෙතත් මෙම ලිපිකාරිනිය ආරක්ෂක අංශවලට හොර රහසේ පසුව අදාල පරිගණක උපකරණ රැගෙන ගොස් තිබුණා.

මෙම ලිපිකාරිණිය, පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේ අමාත්‍යවරියගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කර ඇති බවටද වාර්තා පළ වනවා. 

එමෙන්ම එන්ත්කරණය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ ගැටලු ඇති කිරීමට ඇය මැදිහත්ව ක්‍රියා කර ඇති බවටයි සෞඛ්‍ය ආරංචිමාර්ග පවසන්නේ. 

සෞඛ්‍ය අමාත්‍යෙංශය ගන්නා තීරණ වෘත්තීය සමිති වෙත ලබාදී ඇත්තේද අදාළ ලිපිකාරිනියයි. 

ඇය මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයට ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.