Sunday, May 12, 2024

General line - 0115112241

ඉදිරි දින දෙකේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක්




උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සහ අනිද්දා දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 02 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බවයි ප්‍රකාශ කෙරුණේ. 

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.