Saturday, May 11, 2024

General line - 0115112241

තෙල් හිඟයක් නොමැති බව ඇමති ගම්මන්පිල කියයි 




මෙරට තුළ මේ වන විට කිසිදු තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින්, විදේශ විනිමය අර්බූදය ගැන මුලින්ම රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියා සිටින්නේ තමන් බවද අවස්ථා ගණනාවක දී පවසා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. 

ඒ, සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

අමාත්‍යවරයා පවසා ඇත්තේ දින 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට තුළ ඇති බවයි. මෙම සතිය තුළ තවත් පෙට්‍රල් නැවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

රට තුළ ඉන්ධන හිගයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ඩීසල් සංචිත දින 11 කට සහ පෙට්‍රල් සංචිත දින 10 කට පමණක් ප්‍රමාණවත් බවටත් ඛණිජ තෙල් සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ ප්‍රකාශ කළා. 

ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටින්නේ විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරුවලට පිළිතුරු දීමට සිදුවීම පිළිබඳ කණගාටු වන බවයි.