Saturday, May 11, 2024

General line - 0115112241

ජනපතිගේ ජාතිය ඇමතීම පිළිබඳ තීරණය පසුවට




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් නිළ වශයෙන් පසුව දැනුම් දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවයි. 

බොහෝ විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් නිළ තීරණයක් අද පස්වරුවේ ලැබෙනු ඇති බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණය කළේ රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය හා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරනු ඇති බවයි. 

රට වසා දැමීම සම්බන්ධයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය කතාවේදී අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා මල්වතු - අස්ගිරි මහානාහිමිවරුන් හමුවීමට නියමිත බවට වාර්තා පළ වුවද විශේෂ වශයෙන් එවැනි හමුවක් සිදු නොවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නෙත් නිවුස් වෙත තහවුරු කළා. 

ඔහු කියා සිටියේ සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහැරට සහභාගිවීමට නියමිත බවයි.