Sunday, May 12, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලාංකිකයින් 46ක් ඉවත් කර ගැනේ




ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත් එහි ප්‍රවණතා පිළිබඳ සමිපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය පවසනවා. 

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය මෙන්ම ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යාම හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මූලික අවධානය යොමුව ඇති බවයි. 

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය, අමෙරිකාව, බි්‍රතාන්‍ය, ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉල්ලීමක් කර ඇති බවයි. 

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනා අතරින් 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කරගෙන තිබෙනවා. 

තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි විදේශ අමාත්‍යාංශය පැවසුවේ. 

තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු එරට රැදී සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා.