Saturday, May 11, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින්ට දේශීය ඖෂධ ප්‍රතිකර්ම




කොරෝනා ආසාදිතයින්ට දේශීය ඖෂධ ප්‍රතිකර්ම ලබා දීම හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධනය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

විෂයභාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.  

මේ අතර ඕනෑම පුද්ගලයෙකුට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලියාපදිංචි දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙක් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව සලසා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

“අපේ වෙද මහත්තයා” වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම ලබා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළේ.