Sunday, May 12, 2024

General line - 0115112241

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ගැන රජයෙන් තීරණයක් 




දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සඳහා පමණක් අගෝස්තු 24 සහ 25 යන දෙදින විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග ආර්ථික මධ්‍යස්ථාන වෙත ඊයේ ලැබී තිබු එළවළු තොග විශාල ප්‍රමාණයක් අලෙවි වුයේ නැහැ. 

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එළෙබන සතියේ එම දින දෙකේදී පමණක් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ. 

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයෙ ගොඩ ගැසි තිබු එළවළු තොගවලින් සියයට 60ක් පමණ අලෙවි කර ගැනීමට නොහැකි වූ බව වෙළදුන් සඳහන් කළා. 

මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි නොවූ එළවළු තොග ප්‍රදේශයේ ගම්මාන වෙත බෙදා දීමට වෙළදුන් කටයුතු කළ බවයි තෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සඳහන් කළේ.

සීමාසහිත සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන සඳහන් කළේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව පැය 36කට පෙර ගොවීන් දැනුවත් කළේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බවයි.