Sunday, May 12, 2024

General line - 0115112241

කිරි ගොවීන් ඇතුලු පාර්ශව කිහිපයකින් ඇමතුම් -  යුද හමුදාපති 




නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග කිරි ගොවීන් ඇතුලු පාර්ශව කිහිපයක් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත් ව සිටිනවා. 

ඒ පිළිබඳ ඇමතුම් රැසක්ද ලැබුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

මේ අතර නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව සඳහා සතොස මගින් සහන මිලට අත්‍යාවශ්‍ය භාන්ඩ මල්ලක් ලබා දීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.