Sunday, May 12, 2024

General line - 0115112241

අවදානම් අවධියේ ස්වයං සෞඛ්‍ය විනයක වැදගත්කම සෞඛ්‍ය ප්‍රධානින් පහදයි




කොරෝනා වෛරසයේ බලපෑම වැඩි මෙම කාල සීමාවේදී ස්වයං සෞඛ්‍ය විනයක වැදගත්කම් පිළිබඳව සෞඛ්‍ය ප්‍රධානීන් අද යළිත් වරක් ජනතාවට කරුණු පැහැදිලි කළා. 

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් හරහා සියලු විද්‍යුත් නාලිකා සමග ඒකාබද්ධ වෙමින් “ හුස්ම ” ලෙස නම් කෙරුණු එම වැඩසටහන අද පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා සියලු විද්‍යුත් නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණා. 

එය සංවිධාන කළේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයයි. 

මෙම වැඩසටහනට එක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.

දින 10ක කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හේතු වු කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛන විද්‍යාතනයේ මහාචාර්ය නිලිකා මලවිගේද මෙම වැඩසටහනට එක් වුණා.

මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය නිලිකා මලවිගේ.