Saturday, May 11, 2024

General line - 0115112241

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්




මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. 

හෙට දහවල් 12 සිට පසුදින දහවල් 12 දක්වා දවුලගල , ගෙලිඔය, අගුණවෙල, ගඩලාදෙනිය, ඇම්බැක්ක, මෙගොඩ කලුගමුව සහ නිල්ලඹ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පැවසුවේ. 

මහනුවර දකුණ නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.