Monday, May 13, 2024

General line - 0115112241

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කීරීම නවතයි 




නිරෝධායන ඇඳිරි නිීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ආයතන ප්‍රධානියාගේ කැඳවීම අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය රාජකාරී හැදුනුම්පත හෝ ලිපි ඉදිරිපත් කර සිය සේවා ස්ථානය වෙත පැමිනීමට හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

මේ අතර නිරෝධායන ඇඳිරි නිීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා ලබා දෙන රුපියල් 2,000 දීමනාවක් ලබා දීමට රජය ඊයේ තීරණය කළා. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා එම දීමනාව එළෙබෙන සතියේ සිට ලබා දෙන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ.
 

මේ අතර දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සඳහා පමණක් ලබන 24 සහ 25යන දෙදින විවෘත කිරීමට රජය අද තීරණය කළා.