Friday, September 20, 2024

General line - 0115112241

පැරදුණු කැන්ගරුවෝ ලෝකෙටම සුභ පතන්න ලංකාවේ ඉඳන් හදපු අපූරු වීඩියෝව



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා.

දෙරට අතර තුන්වන ටෙස්ට් තරඟය ලබන 13වනදා ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කන්ඩායමේ මිචෙල් ස්ටාර්ක් ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් මාෂ් එක්වී අපූරු වීඩියෝවක් කර තිබෙනවා.

මෙහීදී දැක්වෙන්නේ මිචෙල් ස්ටාර්ක් හා ජොෂ් හෙසල්වුඩ් සුහද පිහිනුම් තරඟයක යෙදෙන අයුරුයි.

එම තරඟය මිචෙල් මාෂ් විසින් විස්තර ප්‍රචාර කටයුතු කරනවා.

කෙසේ වෙතත් මෙම සුහද පිහිනුම් තරඟයෙන් ජයග්‍රහණය කරන්නේ මිචෙල් ස්ටාර්ක්.

තරඟය අවසානයේ ඔවුන් රියෝ ඔලිම්පික් උළලට සහභාගී වන සියලු පිහිනුම් තරඟකරුවන්ට සුභ පතනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.