Sunday, September 22, 2024

General line - 0115112241

එස්.බී ගේ කතාව රාජිතගේ විවේචනයට




අමාත්‍ය එස්.බී. දිසානායක ඊයේ (09) සිදු කළ ප‍්‍රකාශයක් අමාත්‍ය රාජිත සේනාරත්න අද (10) විවේචනය කළා.

එහිදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා පවසා තිබුණේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් භාවිත කරමින් ඉකුත් ජනාධිපතිවරණය සමයේ පළාත් පාලන ආයතනවලට යකඩ බට බෙදා දීමෙන් බැසිල් රාජපක්ෂ වරදක් කර නොමැති බවයි.

කෙසේ වෙතත් දේශපාලන අරමුණකින් කළ මෙම ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම මූල්‍ය අපරාධයක් බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද  කියා සිටියේ.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ “ජී.අයි පයිප්ප පාවිච්චි කරපු කට්ටිය කියනවා ඒකෙ වරදක් නෑ කියලා. ඒක වරදක් කියලා මට කියන්න පුලුවන් මම පාවිච්චි කරපු නැති නිසා. දැන් කොහෙද ජී.අයි පයිප්ප ටික?. ඒවා දැන් හොයාගන්නවත් නැහැ.” යනුවෙනි.