DC Comics ඉදිරිපත් කරන නවතම චිත්රපටය වන Suicide Squad චිත්රපටය ලංකාවේ ප්රදර්ශනය කිරීම වාරණය කර ඇතැයි ලංකාවේ සමාජ ජාල හරහා බොහෝ දෙනා අදහස් පළකොට තිබුණි. ඒ අනුව එයට විරෝධතාවය දක්වමින් ඇතැම් පුද්ගලයන් අන්තර්ජාල පෙත්සම්ද ආරම්භ කොට තිබුණි. ඇතැම් පිරිස් ජාතික චිත්රපට සංස්ථාවේ ෆේස්බුක් පිටුවට ගොස් බැන වැදී තිබුණි.
නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් රැඟුම් පාලක මණ්ඩලයේ නිලධාරින් විසින් කියා ඇත්තේ එම චිත්රපටය තහනමට ලක් නොකළ බවත් එවැනි චිත්රපටයක් ලංකාවේ ප්රදර්ශනය සඳහා අනුමැති ලබාගැනීම සඳහාවත් ඉදිරිපත්කොට නොතිබූ බවයි.