Sunday, September 22, 2024

General line - 0115112241

ගල්අඟුරු ගනුදෙණුවෙන් වාසියක් වෙලා




මතභේදාත්මක ගල්අඟුරු ගනුදෙණුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට වාසියක් මිස පාඩුවක් සිදුවී නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නා.

ඒ, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවක් විසින් සිදුකරන ලද විමර්ශනයේ වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

මහාචාර්ය විද්‍යාජෝති කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරාගේ සහභාගිත්වයෙන් අදාළ කමිටුව පත්කර තිබුණා.