Monday, May 6, 2024

General line - 0115112241

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස එක් කෝටි දහ නව ලක්ෂය ඉක්මවයි




මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් ගණන එක් කෝටි දහ නව ලක්ෂ 67,327 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 41,277 දෙනෙකු සිය දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීමත් සමඟයි. ඒ අතරින් පුද්ගලයින් 24,291 දෙනෙකු සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. පුද්ගලයින් 11,459 දෙනෙකු ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාාගන තිබෙනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ගණන 5,473 ක්. ඊයේ දිනයේදී ලබාදී ඇති කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රා ගණන 16,152 ක්. ඒ අතරින් එන්නත් මාත්‍රා 13,975 දෙනෙකුට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතතේ පළමු මාත්‍රාවයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස කරුණු දැක්වුවා.