Tuesday, May 7, 2024

General line - 0115112241

“පැන්ඩෝරා” අනාවරණ ගැන සජිත් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලයි




ආන්දෝලනාත්මක “පැනඩෝරා” පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ “පැන්ඩෝරා” පත්‍රිකාවල සඳහන් කරුණුවල සත්‍ය අසත්‍ය රටට හෙළි කළ යුතු බවයි. 

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම “පැන්ඩෝරා” පත්‍රිකාවලින් හෙළි කළ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කළා.