Tuesday, May 14, 2024

General line - 0115112241

අවුරුදු දෙකේ පසුබෑම ජය ගන්න සැරසෙන්න - ජනපති දිසාපතිවරුන්ට කියයි




කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට දන්වා තිබෙනවා. 

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එළැඹීමට උදා වූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලු දෙනා ඉදිරියේ ඇති වගකීම බවයි. 

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි. 

එළැඹෙන කාලපරිච්ඡේදය තුළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ජනතා අවශ්‍යතාවන් ඉටුවන පරිදි කැපවීමෙන් සහ උනන්දුවෙන් ක්‍රියාකලයුතු බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. 

කෘෂිකර්මාන්තය මූලික කරගත් සියයට 70 ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළනැංවීම, කාබනික පොහොර ප්‍රතිපත්තිය, පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වීම, සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම සහ ආයෝජන අවස්ථා සඳහා ශක්තිමත් පසුබිමක් සැකසීම ජයගත යුතු අභියෝග බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පවසා ඇත්තේ.