Tuesday, May 14, 2024

General line - 0115112241

සියළුම දුම්රියන් මේ මස 15 දින සිට ධාවනයට




සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියළුම දුම්රියන් මේ මස 15 දින සිට ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. 

ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියන් වලින් ආසනගතව මගින් 25,000කට පමණක් කොළඹට පැමිණිමට හැකි බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 435 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඔක්සිජන් අවශ්‍යතාවද මේ වනවිට ක්‍රමයෙන් අඩු වී ඇති බවයි. 

3 වන මාත්‍රාවක් ලබාදීමට අදාළ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

කෙසේවෙතත් එන්නත්වල මිල සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද අදහස් පළ කළා.

මේ අතරතුර නිරෝධායන රීති උල්ලංඝණය කරමින් මුන්දලම ප්‍රදේශයේ පවත්වා ඇති බව කියන විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් සියයක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.