Tuesday, May 14, 2024

General line - 0115112241

කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් වැඩි කිරීමේ සූදානමක්




පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති භාණ්ඩ අතරින් ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූ භාණ්ඩය වූයේ කිරිපිටියි. ඒ අනුව මිල පාලනය ඉවත් කිරීමත් සමඟ කිරිපිටි මිලට සිදුවන්නේ කුමක්දැයි නෙත් නිවුස් සොයාබැලීමක් සිදු කළා.

 කිරිපිටි ආනයනකරුවන් දිගින් දිගටම පැවසුවේ අනිවාර්යයෙන්ම ආනයනික කිරිපිටි මිල ඉහළ දැමිය යුතු බවයි. කිලෝ එකේ පැකට්ටුවක් රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ඉහළ නැංවිය යුතු බවටයි කිරිපිටි ආනයනකරුවන්ගේ ඉල්ලීම වී තිබුණේ. කෙසේවෙතත් ජීවන වියදම් කමිටුවේදී එකඟතාවට පැමිණ ඇත්තේ කිලෝ එකේ පැකට්ටුවක් රුපියල් 200 කින් ඉහළ දැමීමට බවයි නෙත් නිවුස් ඊයේ උදෑසන 6.25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළේ. 

ඒ අනුව මිල පාලනය ඉවත් කිරීමත් සමඟ දැන් කිරිපිටි මිල වැඩි කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසීමක් කළා. මේ, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය.

ආනයනික කිරිපිටි මිල මෙලෙස තීරණය කරන්නේ කෙසේද ?

වරායේ සිරවී ඇති සියළුම ආනයනික කිරිපිටි තොග කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා මුදල් ලැබී ඇති බවත් කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් පැවසුවා.