Tuesday, May 14, 2024

General line - 0115112241

වතු නිවාසයක ගින්නෙන් පුද්ගලයින් 05ක් ජිවිතක්ෂයට




නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වැඩිහිටියන් තිදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක් ද ගින්නට හසුවීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (07) රාත්‍රියේ ඇතිව තිබු එම ගින්නෙන් වයස අවුරුදු 60 පිරිමි පුද්ගලයෙක් හා වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටියේ.

පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් විසින් ගින්න ඇති වු ස්ථානය මේ වන විට පරීක්ෂා කර ඇති අතර අද දින වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.