Wednesday, May 15, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මෙරට පුද්ගලයින් ගණන මිලියන 12 ඉක්මවයි




කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව එක් කෝටි 21 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයන් එක් ලක්‍ෂ 25,647 දෙනෙකු කොරෝනා මර්දන එන්නතේ සිය දෙවන මාත්‍රාව ලබා ගැනීමත් සමගයි. ඒ අනුව මෙරට පුද්ගලයන් එක් කෝටි 21 ලක්‍ෂ 23,409 දෙනෙකු මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. 

ඉන් වැඩිම පිරිසක් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. එම පිරිස අනූ හය ලක්‍ෂ 76,961 ක්. තවත් පුද්ගලයන් දොළොස් ලක්‍ෂ 96,845 දෙනෙකු ඇස්ට්‍රොසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. 

හත් ලක්‍ෂ 61,235 දෙනෙකු මොඩොර්නා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 64,411 ක්. තවත් පුද්ගලයන් එක් ලක්‍ෂ 55,552 දෙනෙකු ස්පුට්නික් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා  අංශය සදහන් කළේ.

මේ අතර මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් නියෝ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පළ කළා.