Wednesday, May 15, 2024

General line - 0115112241

රජය පිළිබද මහජනතාවට ඇති විශ්වාසය බිඳී අවසන්




රජය පිළිබද ජනතාවට ඇති විශ්වාසය කඩ වී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පවසනවා. මෙරට සම්පත් විකිණීමට රජය සිදුකරනු ලබන වැඩපිළිවෙල හරහා එය මනාව පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඛනිජ තෙල්, විදුලිය, වරාය ජාතික සම්පත් සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.