Tuesday, May 14, 2024

General line - 0115112241

දුම්රිය ධාවනය නොවුනත් ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක




දුම්රිය ධාවනය නොකළද දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිතර වනවා. සිය උසස්වීම් සහ අනෙකුත් පහසුකම් ලබානොදීම මුල්කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

දුම්රිය ස්ථානවලින් මූලස්ථානය වෙත යොමු කළ යුතු මාසික ගිණුම් වාර්තා සහ අනෙකුත් වාර්තා ලබාදීමද නතර කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉකුත්දා රට විවෘත කළද මෙතෙක් මගීන් සදහා දුම්රිය ධාවනය කෙරෙන්නේ නැහැ. ලබන 15 වනදා සිට දුම්රිය ධාවනය කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.