Tuesday, May 14, 2024

General line - 0115112241

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමටත් අවධානය




දේශීය කිරිපිටි මිලද ඉහළ දැමිය යුතු බව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. වාරියපොල ප්‍රදේශයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

දේශීය කිරිපිටි වෙනුවට මෙරට ජනතාවට දියර කිරි ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. 

මේ අතර ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද ප්‍රකාශ කළා. ඒ අනුව  කිලෝග්‍රෑමයේ කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,195ක් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480ක් වන බවයි එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය නෙත් නිවුස් වෙත පැවසුවේ.

කිරිපිටි, ගෑස්, තිරිගුපිටි සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළා. එහෙත් ගෑස්, තිරිගුපිටි සහ සිමෙන්තිවල නව මිල ගණන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.