Tuesday, May 14, 2024

General line - 0115112241

ආනයනික සහල් තොගයේ පළමු කොටස හෙට දිවයිනට




රජය විසින් මෙරටට ආනයනය කෙරෙන සහල් තොගයේ පළමු කොටස හෙට දිනයේ කොළඹ වරායට රැගෙන එන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. එම සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදෙන බවයි මහනුවර පැවති උත්සවකයදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඉදිරියේදී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ආනයනය කිරීමටද කටයුතු කරන බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

සහල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීම සදහා ඉකුත්දා අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. වෙළද පොලේ සහල් මිල පාලනය කිරීම සදහා එලෙස සහල් ආනයනය කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ. සහල් මිල සදහා පැවති පාලන මිල ද ඉවත් කිරීමට ඉකුත්දා පියවර ගැණුනා.