Wednesday, May 15, 2024

General line - 0115112241

විදෙස් ශ්‍රමිකයින් රට රැකියාවලට යාම යළි වැඩිවෙයි




කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් බොහොමයක් යළි විදෙස් රැකියා සඳහා පිටත්වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 

එහි අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය නෙත් නිවුස් වෙත පැවසුවේ අදාළ ශ්‍රමිකයින්ගෙන් බහුතරයකට ඔවුන් මීට පෙර සේවය කළ ආයතන සහ රැකියා කළ ස්ථානවලින්ම යළි කැඳවීම් ලැබී ඇති බවයි.

රැකියා සඳහා පිටත්ව යාමේ ඉල්ලුම වැඩිවීමත් සමඟ ව්‍යාජ ලෙස රැකියා ලබාදෙන පුද්ගලයින්ගේ සහ ආයතනවල වැඩිවීමේ අවදානමක්ද ඇතිව තිබෙනවා.

 එවැනි පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් ගතහැකි පියවර කුමක්ද ? ඒ සම්බන්ධයෙන්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද රැකියා සදහා පැමිණෙන්නේ නම් බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගෙන පැමිණෙන ලෙස කුවේට්, සෞදි සහ කටාර් යන රටවල සේවා යෝජකයින් දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා. 

ඒ අනුව එම රටවල රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට අදාළ කුමන හෝ එන්නතක් කඩිනමින් ලබාදෙන ලෙසටයි විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සෞඛ්‍ය අංශවලින් ඉල්ලා ඇත්තේ.