Tuesday, May 14, 2024

General line - 0115112241

බස්නාහිර පොලිස් සථාන 19ක මුල් පුටුවල වෙනසක්




බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 19 ක් සදහා වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කර තිබෙනවා. 

එලෙස පත් කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂවරුන් 18 දෙනෙක් සහ පොලිස් පරීක්‍ෂකවරයෙක්. 

ඒ අනුව ගුවන්තොටුපොල පොලිස් ස්ථානයේ සඳහා පත් කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් පී පරණවිතානයි. 

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජේ පී තිලක් කුමාර පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 225 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කෙරුණු අතර ඒ අනුව පුරප්පාඩු පුරප්පාඩු වූ බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 19 ක් සදහා වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ  පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 18 දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරයෙකු පත් කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

බස්නාහිර පළාතේ පුරප්පාඩු පැවති පොලිස් ස්ථාන සදහා පත් කෙරුණු නිලධාරීන් සදහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී උපදෙස්  පන්තියක්ද අද දිනයේ පැවැත්වෙනවා. බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 19ක් සඳහා පත් කෙරුණු වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළත් නාම ලේඛණය පහතින්. 

පොලිස් ස්ථානය                          නම

            
දෙමටගොඩ පොලිස් ස්ථානය         ප්‍ර පො ප එස් එච් ඩබ් එස් කේ ධනපාල
වෙරළබඩ පොලිස් ස්ථානය             ප්‍ර පො ප ඒ ඩී සී ප්‍රසාද්
මෝදර පොලිස් ස්ථානය                  ප්‍ර පො ප ඒ එම් පී ඒ ආර් අරම්පොළ
වරාය පොලිස් ස්ථානය                    ප්‍ර පො ප එස් පී මල්ලිකාරච්චි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය             ප්‍ර පො ප තාරක රුවන් විජේසිංහ
නාරාහේන්පිට පොලිස් ස්ථානය        ප්‍ර පො ප ජී පී එස් වීරසිංහ
කුරුදුවත්ත පොලිස් ස්ථානය            ප්‍ර පො ප  සෙනරත් දිසානායක
කිරුළපන පොලිස් ස්ථානය              ප්‍ර පො ප ඩබ් ඒ කේ එස් චන්දන
පිටකොටුව පොලිස් ස්ථානය            ප්‍ර පො ප ජේ පී තිලක් කුමාර
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය    ප්‍ර පො ප ඩබ් ඩබ් කේ ආර් විජේරත්න 
මාලිගාවත්ත පොලිස් ස්ථානය            ප්‍ර පො ප කේඑ න් සම්පත් පෙරේරා
කෙසෙල්වත්ත පොලිස් ස්ථානය         ප්‍ර පො ප ජී ටී රම්‍යසිරි
කොළඹ වංචා විමර්ෂන                    ප්‍ර පො ප එන් ජී බී බී බාලසූරිය
වැළිකඩ පොලිස් ස්ථානය                ප්‍ර පො ප එම් එම් ඩී ජී  ඒ මුණසිංහ
මහරගම පොලිස් ස්ථානය              ප්‍ර පො ප ඊ එම් ආර් එන් ඒකනායක
පාදුක්ක පොලිස් ස්ථානය               ප්‍ර පො ප පී එන් සිංහපුර
පෑලියගොඩ පොලිස් ස්ථානය        ප්‍ර පො ප කේ ඩබ් එල් විජේතිලක
ජා ඇල පොලිස් ස්ථානය               ප්‍ර පො ප ඩී ඒ පී සී එස් ගුණරත්න
ගුවන් තොටුපළ පොලිස් ස්ථානය    ප්‍ර පො ප ආර් පී පරණවිතාන