Tuesday, May 14, 2024

General line - 0115112241

 යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීම සදහා කිසිදු ගිවිසුමක් අත්සන් කර නෑ - ඇමති ජී.එල්




කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමගමක් වෙත පැවරීම සදහා මේ දක්වා කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් ද පවසනවා. 

කොළඹ පැවති පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම ව්‍යාපෘතිය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බැවින් අවසානයේදී රටට ඉතා සුබදායි තීරණයක් රජය විසින් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව විවිධ පාර්ෂව එල්ලකරන චෝදනාවලටද අමාත්‍ය ජී එල් පීරිස් මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.