Tuesday, May 14, 2024

General line - 0115112241

තවත් දින 4 ක් ඇතුළත විසදෙන කිරිපිටි ගැටළුව 




රට තුළ පවතින කිරිපිටි හිගය තවත් දින 4 ක් ඇතුළත විසදන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි සාමාජික ලක්‍ෂ්මන් වීරසූරිය නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ කිරිපිටි තොග හෙට සිට වෙළදපොලට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. 

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ තීරණය කළා. 

ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල වන්නේ 1,195 ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480 ක් වනවා. 

මේ අතර ගෑස් මිල ඉහළ දැමිය යුතු මුදල සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයකට එළඹෙන ගෑස් සමාගම් පවසනවා. 

කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති සදහා පනවා ඇති පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ඉකුත් 8 වනදා නිකුත් කළා. 

ඒ අනුව ගෑස් මිල වැඩි කරන මුදල සම්බන්ධයෙන් අදාළ සමාගම් අද දිනයේ එම මිල ගණන් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. 
 
සහල්, ගෑස් සහ කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.